NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්රික්...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විශාල පරාසයක් ඔස්සේ පැතිරුණු නිෂ්පාදනයන් හා සේවා සම්බන්ධ පැමිණිලි ලැබේ. මෙවැනි සේවාවන් සැපයීමේ අරමුණු වන්නේ භාණ්ඩ හා සේවාවන් මිලට ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අකටයුතුකම් වලින් ඔවුන්ව මුදවා ගැනීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම සේවාවන් සම්බන්ධයෙන්ද විමර්ශනයන් සිදු කල හැක. අධිකාරිය විසින් නියම කර ඇති විධිවිධාන හා නියෝගයන්ට අනුකූල නොවන ලෙස භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය, සැපයීම, ගබඩාකර තැබීම, ප්‍රවාහනය හා විකිණීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ බලය අධිකාරියට ඇත.
ඊට අමතරව භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ විකිණිමේදී අදාල නියමයන්ට අනුව වගකීමේ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමද සිදු කරනු ලබයි. අධිකාරිය විසින්ම හෝ පාරිභෝගිකයන් හා පාරිභෝගික සංවිධාන වලින් ලැබෙන පැමිණිලි පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි. වෙළෙදුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබා දීමට තනි පාරිභෝගියකුට මෙන්ම පාරිභෝගික සංවිධාන වලටද හැකියාව ඇත. බොහෝ වැරදි සම්බන්ධයෙන් ලිපි මගින් හෝ සාකච්ඡා මගින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයන්ට එලඹීමට ක්‍රියාකරනු ලබයි.
ඹබගේ පාරිභෝගික පැමිණිලි, පහත ලිපිනයට යොමු කරන්න.
අධ්‍යක්ෂ ජනරාල්,
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
අප අමතන්න
ක්ෂණික ඇමතුම් 1977
පැමිණිලි අංශය 011-7755481-2-3