Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
2003 අංක 9 දරන
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත
III වන කොටස
තරඟකාරීත්වය සහ පාරිභෝගික සම්බන්ධතා ප්‍රවර්ධනය
යම් තැනැත්තෙකු ස්වකීය ව්‍යාපාර ක්‍රියාවලියේ දී අනුගමනය කරන ක්‍රියා කලාපය තනිව ගත් කල හෝ ඔහු හා සම්බන්ධ තැනැත්තන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා කලාපය සමග ගත් කල හෝ ශ්‍රී ලංකාව තුළ සේවා සැලසීම හෝ ලබා ගැනීම සම්බන්ධයෙන් වූ තරඟය සීමා කිරීමේ, විකෘති කිරීමේ හෝ වැළැක්වීමේ ප්‍රතිඵලය ගෙන දෙන, ගෙන දීමට අදහස් කරන ලද හෝ ගෙන දීමට ඉඩ ඇති ක්‍රියා කලාපයක් අනුගමනය කරන අවස්ථාවක, 34 වන වගන්තියේ කාර්යය සඳහා තරඟ විරෝධී චර්යාවක් පවතින ලෙස සැලකිය යුතුය.
තරඟ විරෝධී චර්යාවක් සම්බන්ධයෙන් ඔබ විසින් යොමුකරන ලද පැමිණිල්ලක් විසඳීමේදී අධිකාරිය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය පහත පරිදි වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මඟින් කරනු ලබන විභාගයන්ගෙන් පසු මහජන යහපතට තර්ජනයක් වන ආකාරයේ තරඟ විරෝධී චර්යාවක් පවතින්නේ යැයි හැඟී යන්නේ නම්, එම ක්‍රියාවන් නතර කරවනු ලැබේ. මේ සඳහා දිසා අධීකරණ බලතල අධිකාරිය වෙත පැවරී ඇත.