NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්...
අධිකාරිය විසින් අනුමත කරනු ලබන මිල, ඒ ඒ සන්නම් නාමයන්ගේ එකිනෙකට ආවේනික වූ කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයන් හා එක් එක් සමාගමේ විකුණුම් ක්‍රමවේදය අනුව වෙනස් විය හැකිය. මිල පරික්ෂා කිරීමේ අරමුණ වන්නේ අක්‍රමවත් ලෙස මිල ඉහල යාමක් සිදු නොවන බවට සහතික කර ගැනීමයි.
සාධාරණ මිලකරණයක් පවත්වා ගැනීම සදහා තරඟකාරීත්වය වැඩි දියුණු වන ආකාරයෙන් අත්ත්ය්යවසහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කිරීම මිලකරණ හා කලමනාකරණ අංශයෙහි අවසාන අරමුණ වේ.
අධ්‍යයනයන් සිදු කිරීම තුලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල යෝජනා කිරීම සහ මිලකරණ ප්‍රතිපත්ති පිළිබඳ අධිකාරිය වෙත නිර්දේශ ලබා දීම මෙම අංශයෙහි තවත් වගකීමක් වේ.
පාරිභෝගික අධිකාරී පනතෙහි 14 වන වගන්තිය යටතේ නිෂ්පාදකයන් හා වෙළෙන්දන් සමඟ ගිවිසුම් වලට එළඹීමේදී, නිෂ්පාදන රටාවන්, මිල ප්‍රවණතා, වෙළඳපොල තත්ත්වයන්, ජාත්‍යන්තර මිල ගණන් ආදිය පිළිබඳ අධ්‍යයනය කර අදාල මිල ගණන් නිර්දේශ කිරීමද මෙම අංශයෙහි වගකීමකි.
රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීමද මෙම අංශයෙහි කාර්යයභාරය තුලට අන්තර්ගත වේ.
මිලකරණ යාන්ත්‍රණය නියාමනය කිරීම සඳහා 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනත මඟින් පාරිභෝගික අධිකාරිය වෙත පැවරී ඇති බලතල.
(A) වගන්ති අංක 14 - භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීම සඳහා ගිවිසුම් වලට එළඹීම.
යම් නිෂ්පාදකයෙක්, වෙළෙන්දෙක් හෝ නිෂ්පාදකයන්ගෙන් හෝ වෙළෙන්දන්ගෙන් සැදුම්ලත් සංගමයක් සමඟ පහත කරුණු සම්බන්ධයෙන් ලිඛිත ගිවිසුම් වලට එළඹීමේ හැකියාව අධිකාරිය සතුවේ.
(B) වගන්ති අංක 18 - නිශ්චිත භාණ්ඩවල මිල සංශෝධනය කිරීම සදහා අධිකාරියෙහි පුර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීම.
යම් භාණ්ඩයක් හෝ සේවාවක් ජනතාවගේ හෝ එහි කොටසකගේ ජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක,අමාත්‍යවරයා විසින් අධිකාරියෙහි උපදෙස් විමසා, ගැසට් පත්‍රයක් නිකුත් කිරීම හරහා එම භාන්ඩය හෝ සේවාව අවස්ථානුකූලව නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරනු ලබයි. මෙසේ නිශ්චිත භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස නම් කර ඇති යම් භාණ්ඩයක හෝ සේවාවක සිල්ලර හෝ තොග මිල අධිකාරියෙහි පූර්ව ලිඛිත අනුමැතියක් නොමැතිව වැඩි කිරීම නිශ්පාදකයන් හෝ වෙළෙන්දන් විසින් නොකල යුතුය. යම් නිශ්චිත භාණ්ඩයක හෝ සේවාවක තොග හෝ සිල්ලර මිල ඉහල දැමීමට අවශ්‍ය වූ අවස්ථාවක නිශ්පාදකයා හෝ වෙළෙන්දා විසින් ඒ සඳහා අධිකාරිය වෙත ඉල්ලීමක් කල යුතු අතර අධිකාරිය විසින් උචිත යැයි සලකනු ලබන යම් පරීක්ෂණයක් කිරීමෙන් පසුව, මිල වැඩි කිරීම සාධාරණ යැයි අධිකාරිය සෑහිමකට පත්වූ අවස්ථාවක ඒ වැඩි කිරීම අනුමත කරනු ලැබිය යුතුය. නැතහොත්,
(C) වගන්ති අංක 19 සහ 20 - ගැසට් පත්‍රයක පල කරනු නියමයක් මඟින් උපරිම මිලක් නියම කිරීම.
යම් නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු විසින් අධික මිලකට භාණ්ඩයක් හෝ සේවාවක් සපයන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෙනී යන අවස්ථාවක, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකාරියෙහි උපදෙස් විමසීමෙන් පසු එම කරුණ පිළිබඳව විමර්ෂනය කර වාර්තා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව වෙත යොමු කරනු ලැබේ.
අදාල භාණ්ඩය අධික මිලකට විකුණන බවට හෝ සේවාව අධික මිලකට සපයන බවට සභාව නිගමනය කරන අවස්ථාවක එම භාණ්ඩය විකිණිය යුතු හෝ සේවාව සැපයිය යුතු උපරිම මිලක් නියම කරමින් අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් තරනු ලබයි.