English (UK)TamilSriLanka

නැවුම් පුවත්

Error
  • JUser: :_load: Unable to load user with ID: 395

උපකාරක අංශයන්

මානව සම්පත් කළමනාකරණ සහ පරිපාලන අංශය

මෙම අංශය අධිකාරියේ ‍අනෙකුත් සියළුම අංශයන්ට පහසුකම් සලසනු ලබන, උපකාරක අංශයක් ලෙසින් ක්‍රියාත්මක වේ‍. එහි මූලික කාර්යක් ලෙස මිනිස්බල සැලසුම්, බදවාගැනීම්, පුහුණු කිරීම්, කාර්යසාධන ඇගයීම්, සේවක සුභසාධනය සහ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය සහ එහි ප්‍රතිඵල සැලසුම් කිරීම මෙහිලා වැදගත් කාර්යයකි. එමෙන්ම මෙම අංශයෙහි ප්‍රකට කාර්යභාරයක් ලෙස කාර්යාල ප්‍රශ්ණ කළමණාකරණය කිරීම හා වත්කම් අත්පත් කරගැනීම ද සදහන් කළ හැකියි.

මූල්‍ය අංශය

අධිකාරියේ පවතින අනෙක් උපකාරක අංශය ලෙසින් මෙය ක්‍රියාත්මක වන අතර අධිකාරිය වෙනුවෙන් ඉටුකරන ප්‍රධාන කාර්යයන් වන,

  • මූල්‍ය පුරෝකථනයක් සිදුකිරීම.
  • රාජ්‍ය ප්‍රධානයන් කළමනාකරණය.
    • භාණ්ඩාගාර ප්‍රදානයන් ප්‍රමාණය වැඩි කරගත හැකි ව්‍යාපෘතීන් සැළසුම් කිරීම.
    • අරමුදල් ආයෝජනයෙන් ආදායම් ජනනය සහ වර්ධනය කරගත හැකි ක්‍රමවේදයක් හඳුනා ගැනීම.
    • භාණ්ඩාගාර ප්‍රදානයන් වර්ධනය කර ගැනීම සහතික කර ගැනීම උදෙසා වෙළෙන්ඳුන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය කරගැනීම, උසාවි දඩ මුදල් සහ සේවා ගාස්තු එක්රැස් කර ගැනීමට හා ගිණුම්ගත කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම.
  • අය වැය ඇස්තමේන්තු සකස් කිරීම හා ඒ හා සම්බන්ධ වන පාලනයන් සිදු කිරීම
    වාර්ෂිකව අවසන් ගිණුම් සකස් කිරීම.
  • රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව සහ සම්මත ගිණුම්කරණ ප්‍රතිපත්ති භාවිතයන්ට අනුව යමින් මූල්‍ය කළමනාකරණය කිරීම හා අනෙකුත් ඒ හා සම්බන්ධ ගැටඵ නිරාකරණය කිරීම.
  • උපකාරක සේවාවන් සම්පාදනය වඩාත් කාර්යක්ෂම කිරීම.
  • කාර්යාලීය අවශ්‍යතාවයන් සම්පාදනය කිරීම.
  • ආයතනය තුල සේවයේ නියුතු සේවකයන්ගේ කුසලතාවයන්, දැනුම වර්ධනය කිරීම සහතික කිරීම යනාදි කාර්යයන් රජයේ මුදල් රෙගුලාසි හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව ක්‍රියාත්මක කිරීම සිදු කරයි.

අභ්‍යන්තර විගණන අංශය

වෙනත් කාර්යභාරය

  • අභ්‍යන්තර විගණනය යනු, ආයතනයක මෙහෙයුම් වැඩි දියුණු කිරීමට හා ඒවාට අගයක් එක් කිරීම සදහා සැලසුම් කරන ලද ස්වාධීන, අරමුණු සාක්ෂාත් කරන හා උපදේශාත්මක ක්‍රියාකාරකම් සිදු කරන අංශයක් වේ. අවධානම් කළමනාකරණය, පාලනය හා පාලන ක්‍රියාවලීන්හී ළුලදායිත්වය වැඩි දියුණු කිරීමට ඇගයීමට අවැසි ක්‍රමවත් හා ශික්ෂිත ප්‍රවේශයක් හදුන්වාදීම මඟින් ආයතනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට එය උපකාර වේ.
  • සරළව දක්වන්නේ නම් පාරිභෝගික අධිකාරිය සතු සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හා අධිකාරියේ වත්කම් ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය ක්‍රියාවලීන් නිසි ලෙස සැකසීම සදහා පරිපාලනයට උපකාර වීම අභ්‍යන්තර විගණන අංශයේ කාර්යය භාර්යයි.

සේවා අවකාශය

  • මූල්‍ය හා මෙහෙයුම් තොරතුරුවල විශ්වාසනිත්වය සමාලෝචනය කිරීම හා එවැනි තොරතුරු හඳුනා ගැනීමට, ගණනය කිරීමට, විස්තර කිරීමට හා වාර්තා කිරීමට, යොදාගත් මූලාශ්‍ර අධ්‍යයනය කිරීම.
  • ප්‍රතිපත්ති, සැලසුම්, ක්‍රියා පටිපාටි, නීති හා ව්‍යවස්ථාවල අනුකුලතාවය ඇගයීම.
  • අධිකාරියේ සම්පත්වල ඵලදායි හා කාර්යක්ෂම භාවිතය සහතික කිරීමට ඇති ක්‍රියාවලි අධ්‍යයනය.
  • වත්කම් හා ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීම හා අවශ්‍ය අවස්ථාවල සම්පත්වල පිහිටීම නිශ්චය කිරීම.
  • ප්‍රතිපල තීරණය කරන ලද ඉලක්ක හා අරමුණු සමඟ අනුකූල වේද යන්න හා මෙහෙයුම්/වැඩසටහන් සමාලෝචනය කිරීම.
  • සේවකයන්ගේ වංකබව හා සොරකම් සම්බන්ධ විමර්ශන වලට සහය වීම.
  • වගවීම, අභ්‍යන්තර පාලනය සම්බන්ධව මානව සම්පත් අංශයට පුහුණුවක් ලබා දීම.

යාවත්කාලීනය : 20-03-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.