English (UK)TamilSriLanka

නැවුම් පුවත්

ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

ඒ අනුව Mack Tiles, Lanka Tiles, Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩිකල නොමැති බවත් එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. ඒ අනුව ලබන මස පළමුවනදා(2021.09.01) සිට එකඟවන ලද මිල අදාල ටයිල් බහාලුමේ සලකුණු කිරීමට තීරණය විය.

මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී විය.

 

යාවත්කාලීනය : 20-03-2024
කතුහිමිකම © 2024 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.