English (UK)TamilSriLanka

නැවුම් පුවත්

08
Apr2022

NOTICE FOR MRP APPLICANTS

NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...

23
Feb2022

Installing a new branch office - Consumer Affairs Authority - Colombo District Secretariat

The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat.  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්...

«
»

P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිල

කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිද යන්න පරීක්ෂාකර ගැනීම සඳහා පාරිභෝගික ජනතාව පෞද්ගලික රෝහල් වෙත ගොස් සිය පරීක්ෂණ කටයුතු සිදුකරගැනීමේදී අයකරන මිලගණන් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය වෙත පැමිණිලි රාශියක් ලැබී ඇත. ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා සෞඛ්ය අමාත්යංශය පෞද්ගලික රෝහල් වල මෙම පරීක්ෂණය වෙනුවෙන් දිස්ත්රික්ක 25 ක පෞද්ගලික රෝහල් 45 ක විමර්ශණය කිරීමේදී ලැබුණ තොරතුරු අනුව,
P.C.R. පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 5550 සිට උපරිම මිල රු. 9550 දක්වා ද,
ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අවම මිල රු. 2000 සිට උපරිම මිල රු. 5550 දක්වා ද,
පරාසයක පවතින බව අනාවරණය විය.
ඒ අනුව මෙයට විසඳුමක් ලෙස සෞඛ්ය අමාත්යංශය විසින් අද (2021.08.11) දින අයකල යුතු මිලගණන් පිළිබඳව නිර්දේශ වාර්ථාව සෞඛ්ය අමාත්ය ගරු පවිත්රා වන්නිආරච්චි මැතිනිය විසින් මා වෙත භාරදෙන ලදි.
ඒ අනුව P.C.R. පරීක්ෂණයක් සඳහා උපරිම මිල රු. 6500 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් වෙනුවෙන් උපරිම මිල රු . 2000 ක් ද ලෙස නිර්දේශ කර ඇත. එම නිර්දේශ අනුව පාරිභෝගික අධිකාරිය විසින් මේ පිළිබඳ ගැසට් නිවේදනය පල කිරීමට කටයුතු කරනු ඇත.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්න අලගියවන්න තුමා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගරු සභාපතිතුමාද සහභාගී විය.
යාවත්කාලීනය : 08-04-2022
කතුහිමිකම © 2022 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.