Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනත සහ 1987 අංක 1 දරන සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත සහ 1950 මිල පාලන පනත (173 වන අධිකාරය වූ) අහෝසි කරමින් 2003 අංක 9 දරන පාරිභෝගික පිළිබඳ කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපතිවරයෙකුගෙන් සහ කර්මාන්ත, නීතිය, ආර්ථීක විද්‍යාව, වානිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, විද්‍යාව හෝ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර නියෝජනය කරන ඒ සම්බන්ධව පළපුරුද්දක් ඇති සාමාජිකයින් දහ දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත වේ. එමෙන්ම සභාපතිවරයාට අමතරව වෙනත් සාමාජිකයින් තිදෙනෙකු පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කළ හැකියි. අධ්‍යක්ෂ ජනරාල්වරයා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අතර, අධිකාරියේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.