SinhalaSriLankaTamilSriLanka

Latest News

11
Aug2021

P.C.R. හා ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ...

කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිද යන්න පරීක්ෂාකර ගැනීම සඳහා පාරිභෝගික ජනතාව පෞද්ගලික රෝහල් වෙත ගොස්...

06
Aug2021

ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැව...

මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග...

«
»

ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ඉහළයාමකට ලක් වී ඇති බැවින් දේශීය ටයිල් නිෂ්පාදකයින් සමග (08.06) දින ඒ පිළිබඳව පැවති සාකච්ඡාව.

ඒ අනුව Mack Tiles, Lanka Tiles, Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩිකල නොමැති බවත් එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවය. ඒ අනුව ලබන මස පළමුවනදා(2021.09.01) සිට එකඟවන ලද මිල අදාල ටයිල් බහාලුමේ සලකුණු කිරීමට තීරණය විය.

මෙම අවස්ථාව සඳහා ගරු ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී විය.

 

Last Update: 24-09-2021
Copyright © 2021 Consumer Affairs Authority. All Rights Reserved.
Developed by Pooranee Inspirations.